කොරෝනාවේ නොපෙනෙන පැති - I
කොරෝනා හෝ COVID-19 යනු ලොව පුරා සිටින මිනිසුන්ට රිදවන ගෝලීය වසංගතයකි. ජාතිකත්වය, ධනය,බලය, තත්වය කුමක් වුවත් COVID සියළුම මිනිසුන්ට තර්ජනය කර ඇති අතර සෑම අයෙකුම ප්‍රශ්නකොට ඇත. වර්තමාන තත්වය පිළිබඳව අපට අර්ථකථන කිහිපයක් ලබා දිය හැකි නමුත් ඒ පිලිබඳ පසුතැවීමට හෝ දොස් පැවරීමට සුදුසුම කාලය දැන් නොවේ. දැන් අපගේ අනාගතය ගැන යම් යම් වෙනස්කම් සහිතව සිතා බැලිය යුතු කාලයයි.
තාක්‍ෂණයේ දියුණුවත් සමඟ (තොරතුරු තාක්ෂණ හා සන්නිවේදනය) ලොව පුරා වෙසෙන ජනයා ඔවුන්ගේ එදිනෙදා ජීවිතය සඳහා විවිධ ආකාරයේ ප්‍රවේශයන් ගෙන යති. සමහර කර්මාන්ත (තොරතුරු තාක්ෂණ, මූල්‍ය, අධ්‍යාපනය, අලෙවිකරණය, වෛද්‍ය විද්‍යාව ආදිය) අනුගමනය කරන ප්‍රවේශයන්ගෙන් එකක් වන්නේ දුරස්ථව වැඩ කිරීම හෝ නිවසේ සිට වැඩ කිරීමයි (Remote Working or Working from Home). අද වන විට එය බොහෝ සමාගම් හා ආයතන සාර්තක ප්‍රතිපල ලබා ගැනීම උදෙසා භාවිතා කරන්නාවූ නවමු භාවිතාවක් බවට පත් වී ඇත.
විවිධ හේතු සහ ඉහළ මට්ටමේ පුද්ගලයින්ගේ (විශේෂයෙන් රාජ්‍ය අංශයේ) සාම්ප්‍රදායික ප්‍රවේශයන් නිසා ශ්‍රී ලංකාවේ අප දුරස්ථ වැඩ කිරීම යම් තරමක් දුරට භාවිතා නොවන්නකි. කොරෝනා පැතිරීම හේතුවෙන් රජයට, පෞද්ගලික හා රාජ්‍ය අංශ සඳහා දුරස්ථව වැඩ කිරීමේ කාල සීමාවන් ප්‍රකාශයට පත් කිරීමට සිදුවිය. සමහර අංශ සඳහා, ඔවුන්ට ක්ෂේත්‍රයේ නියැලීමට අවශ්‍ය බැවින් ඵලදායී උපාය මාර්ග පවත්වා ගැනීම ඇත්තෙන්ම දුෂ්කර ය. සමහර කර්මාන්ත සඳහා දුරස්ථ වැඩ සංකල්ප පිළිපැදීමේදී කිසිදු ගැටළුවක් හෝ ඵලදායීතාවයේ ගැටළුවක් නොමැත. එම කර්මාන්ත සහ අපට පහසුවෙන් දුරස්ථ සේවා පහසුකම් බවට පරිවර්තනය කළ හැකි කර්මාන්ත, මාගේ අදහසට අනුව දුරස්ථ වැඩ සංකල්ප ඉදිරියට ගෙන යා යුතුය.
නගර සීමාව තුළ සහ අවට බොහෝ සමාගම් පිහිටා ඇති බැවින් කොළඹ සහ අනෙකුත් ප්‍රධාන නගර දෙසට ඇති විශාල මාර්ග තදබදය අවම කිරීමට හැකියාව ඇත. අදාළ සමාගම් / කර්මාන්තවල සේවය කරන දහස් ගණනක් දෙනා නිවසේ රැඳී සිටිති. මිනිසුන්ගේ සංචලතාව සීමා කිරීම යනු පොදු ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් හා නිසි පරිදි නොමැති අප වැනි රටකට අතිශයිම ලාබ දායක වන බව මගේ අදහසයි. රථවාහන තදබදය අඩු කිරීම තවත් සමාජ-ආර්ථික ප්‍රතිලාභ කිහිපයක්ම ලබා දෙයි.
එය විවිධාකාරයෙන් කාලය හා මුදල් ඉතිරි කරයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු පැය 3–4 ක් හෝ ඊට වැඩි තම වටිනා කාලය මහමගට ගෙවා දමයි. නගරබද ප්‍රදේශවල ආහාර පාන වර්ග මිල අධික බැවින් දෛනික වියදම ද මෙම ප්‍රදේශවල තරමක් ඉහළ ය. දුරස්ථව වැඩ කිරීමෙන් මෙම නාස්තිය ඉතිරි කර ගත හැකි අතර මිනිසුන්ට ඒවා තමන්ට හා සමාජයට ප්‍රොයෝජනවත් ක්‍රියාකාරකම් සඳහා භාවිතා කළ හැකිය.
අපි දුරස්ථ වැඩ කිරීමට නැඹුරු නම් නගර සීමාව අසල වාසස්ථානයක් සොයා ගැනීමේ අවශ්‍යතාවයක් ඇති නොවේ. එය විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයේ නගර සීමාව තුළ නිවාස ගැටළුව අවම කරනු ඇත. ප්‍රදේශවල නේවාසික සම්පත් වල වර්තමාන වටිනාකම අතිශයින් ඉහළ බැවින් එය වර්තමාන සාමන්‍ය වැටුප් පරිමාණයක් සහිත සාමාන්‍ය සේවකයෙකුට දැරිය නොහැක. දුරස්ථ වැඩ කිරීමෙන් නිවාස හා අනෙකුත් ඒ ආශ්‍රිත සම්පත් උදෙසා තිබන ඉල්ලුම අඩුවන අතර එමෙන්ම ජන ඝනතවයද මෙම ප්‍රදේශ වල පහල බසිනු ඇත
දුරස්ථ වැඩ කිරීමෙන් නම්යශීලී හා අභිරුචි පරිසරයක වැඩ කිර්‍රම තුලින් වඩා ජවසම්පන්න හා ආතතිය අඩු මානසිකත්වයක් ඇති කරයි. එය ඵලදායීතාව සහ ජීවන තත්වයෙහි සම්තුලිතත්වය වැඩි දියුණු කරනු ඇත. දුරස්ථව වැඩ කිරීම සෑම කෙනෙකුටම සතුටක් ගෙන දෙයි.
සේවා යෝජකයන්ගේ දෘෂ්ටි කෝණයෙන් දුරස්ථ වැඩ කිරීම තුලින් කාර්යාල ඉඩ පහසුකම් උදෙසා වන වියදම්, කාර්යාල සැපයුම් හා සුලු ආහාර සඳහා වන වියදම් අඩු කරනු ඇත. ඒවාට අමතරව එය ඵලදායීතාව ද වැඩි කරයි.
දුරස්ථ වැඩ සංකල්ප සඳහා රටක් වශයෙන් අප පෞද්ගලික හා රාජ්‍ය අංශය ප්‍රවර්ධනය කිරීම, දිරිගැන්වීම සහ පහසුකම් සැපයීම කළ යුත්තේ ඇයිද යන්න සාධාරණීකරණය කිරීමට මෙය කරුණු කිහිපයක් වේ. මේ කරුණු කාරනා වලට අමතරව සමාජ-ආර්ථික වර්ධනය වැඩිදියුණු කරන බොහෝ වාසි ඇත. එසේම, දුරස්ථව වැඩ කරන පුද්ගලයින් කළමනාකරණය කිරීම සඳහා නව ක්‍රම යොදා ගැනිමට අවශ්‍යය. මේ අතර, සේවකයින් ද නිවසේ සිට වැඩ කරන කාලය තුළ ආචාර ධර්ම පද්ධතිය දැඩි ලෙස අනුගමනය කළ යුතුය.

Comments
Post a Comment