ඇදිරි නීතියෙන් ඔබ්බට 




ඇදිරි නීතිය ඉවත් කළ යුතුද නැද්ද යන්න මේ දින වල සමාජයේ කතා බහවන ප්‍රධාන මාතෘකාවක්. COVID සමග රටේ මේ තත්වයත් සමග කුමක් කලයුතු ද මේ මට තේරෙන හැටිය.


රටක් වශයෙන් දින නියමයක් නොමැතිව ඇදිරි නීතිය තුලට වී සිටීමට හැකියාවක් නැත. එහෙත් COVID එන පොට හොද නැති නිසාවෙන් කලින් වගේ කැමති විදිහට ජීවත් වී ජීවිත වලින් වන්දි ගෙවන්නට ද බැරිය. ඒ නිසාවෙන් රජයත් කියන්න වූ පරිදි ක්‍රමානුකූලව සීමාවන් ඉවත් කළ යුතුය. එහිදී කවුරුන් හෝ ඇමරිකාව හෝ යුරෝපය යන පාරේම යා යුතු යැයි කියනවා නම් එය විහිලුවකි. මන්ද එක අතකින් අපට ඔවුන්ට මෙන් පසසුකම් ද නැත ඒ වගේම එහෙම විනයගරුක ජනතාවක්ද නැත. හිටියානම් මෙහෙම නීති අවශ්‍යද නැත. (අත්‍යවශ්‍ය කටයුතු වලට ඇදිරි නීතිය ඉවත් කරාම අවුරුද්දට පාරක් යන නෑගම් යන්නයි, බියුටි කචල් යන්නයි, බාර් පොලිමේ පොරකන්න, පන්සල් පල්ලි කෝවිල් යන්නයි හදන්නේ තිබෙන විනයේ හොද කම නිසාය) ඒ වගේම කැමතිනම් යන්න නැතිනම් නිවසේ ඉන්න වගේ විහිලු කතා ද තේරුමක් නැතිය මොකද වැඩ කරන ආයතන අපේ නොවේය.

  • මගේ අදහසනම් ඇදිරි නීතිය අවදානම් වැඩි පෙදෙස් වල තව සතියක් හෝ දෙකක් මේ ආකාරයෙන්ම පැවතිය යුතුය යන්නය. නැතහොත් රැකියා උදෙසා හෝ මේ ප්‍රදේශ වලට පැමිනෙන්නගෙන් අඩු අවදානම් ප්‍රදේශ කරාද මෙය පැතිරීම සිදුවිය හැක. අනෙකුත් ප්‍රදේශවල රජය යෝජනා කොට ඇති පරිදි සමාජ දුරස්තභාවය තබා ගනිමින් අත්‍යවශ්‍යම වැඩ පමණක් සතියක් දෙකක් කර බැලිය හැක. දිස්ත්‍රික්ක අතර ගමනාගමනය නවතා ලිය යුතුය. 
  • රජයේ මෙන්ම පෞද්ගලික ආයතන වලද 1/3 හෝ 50% ක සීමිත පිරිසක් පමණක් ගෙන්වාගත යුතු බවත් එයද එම පුද්ගලයන්ගේ කාර්යාල වෙත පැමිණීම අත්‍යවශ්‍යම නම් පමණක් බවට රජය නිර්දේශ කල යුතුය. එමෙන්ම එම කටයුතු නිසි පරිදි සිදුවන බවට සොයා බැලිය යුතුය. කටයුතු නොකරන්නන් හට විදිමත් ක්‍රියාමර්ගද ගත යුතුය. හැකි සෑම අංශයක්ම නිවසේ සිට වැඩකිරීමට දිරිමත් කල යුතුය. එවිට තිබෙන සීමිත සම්පත් භාවිතයෙන් (ප්‍රවාහන ආදී) සමාජ දුරස්ත කරනය ප්‍රායෝගිකව කල හැක. රැකියා සදහා පිරිස් කැදවීමේදී ප්‍රවාහනය පමණක් නොව නවාතැන් පිලිබදවද දැඩි අවදානයක් යොමු කල යුතුය. ඇතැම් බෝඩිං වල විවිද පිරිස් පොදු වැසිකිලි හා සනීපාරක්ෂක පහසුකම් භාවිතා කරයි. මෙවැනි තැන් රෝග ව්‍යාප්තියේ කේන්ද්‍රස්තාන විය හැක.
  • තවද ඇදිරි නීතිය ඉවත් කරන ප්‍රදේශ වලද නිවසකින් රාජකාරීමය කටයුතු හැරුනු කොට අනෙකුත් අත්‍යවශ කටයුතු උදෙසා නිවසින් එක් අයෙක් පමණක් යෑමට ජනයා උනන්දු කර විය යුතුය. කණ්ඩායම් හෝ පවුල් වශයෙන් අත්‍යාවශ නොවන ගමන් යන්නාවූ පුද්ගලයන් සදහා සැලකිය යුතු දඩ මුදලක් අය කල යුතුය. නිකරුනේ රස්තියාදු ගසන්නන්ද මේ කාණ්ඩයට ගත යුතුය. ජනතාවද බුද්ධිමත්ව මේ උදෙසා වැඩ කළ යුතුය (එය විශ්වාස කල නොහැක) 
  • මේ මොහොතේදී ජන ජීවිතය පවත්වාගැනීමට හා රටේ ආර්තිකය ගොඩනැන්වීම කෙරෙහි මෙන්ම සමාජ ආර්ථික ප්‍රශන අවම කෙරෙන ආයතන , ක්‍රමෝපායන් ඉදිරි සති දෙක තුනක කාලය උදෙසා විවෘත කිරීම ප්‍රමානවත්ය. අනෙකුත් අංශ තවදුරටත් වසා තැබිය යුතුය. (විශේෂයෙන්ම බාර් වැනි දෑ)
  • ආර්ථිකය ගොඩනැංවීම උදෙසා නව ක්‍රම වෙත යොමුවිය යුතුය. මේ ඒ සදහා හොදම කාලයයි. බටහිර වෛද්‍ය ක්‍රමය තුල තවමත් නිවරදිම ප්‍රතිකාරයක් නොමැති බැවින් දේශීය හෝ ආයුර්වේද ක්‍රමයන් හා එක්ව යන ක්‍රමයක් සලකා බැලිය යුතුය එය සාර්ථක උවහොත් ආර්තිකමය වශයෙන් ඍජුවම මෙන්ම වක්‍රවද බොහෝ වාසි දායක වනු ඇත.

Comments

Popular Posts