ඇදිරි නීතියෙන් ඔබ්බට ඇදිරි නීතිය ඉවත් කළ යුතුද නැද්ද යන්න මේ දින වල සමාජයේ කතා බහවන ප්‍රධාන මාතෘකාවක්. COVID සමග රටේ මේ තත්වයත් සමග කුමක් කලයුතු ද මේ මට තේරෙන හැටිය. රටක් වශයෙන් දින නියමයක් නොමැතිව ඇදිරි නීතිය තුලට වී සිටීමට හැකියාවක් නැත. එහෙත් COVID එන පොට හොද නැති නිසාවෙන් කලින් වගේ කැමති විදිහට ජීවත් වී ජීවිත වලින් වන්දි ගෙවන්නට ද බැරිය. ඒ නිසාවෙන් රජයත් කියන්න වූ පරිදි ක්‍රමානුකූලව සීමාවන් ඉවත් කළ යුතුය. එහිදී කවුරුන් හෝ ඇමරිකාව හෝ යුරෝපය යන පාරේම යා යුතු යැයි කියනවා නම් එය විහිලුවකි. මන්ද එක අතකින් අපට ඔවුන්ට මෙන් පසසුකම් ද නැත ඒ වගේම එහෙම විනයගරුක ජනතාවක්ද නැත. හිටියානම් මෙහෙම නීති අවශ්‍යද නැත. (අත්‍යවශ්‍ය කටයුතු වලට ඇදිරි නීතිය ඉවත් කරාම අවුරුද්දට පාරක් යන නෑගම් යන්නයි, බියුටි කචල් යන්නයි, බාර් පොලිමේ පොරකන්න, පන්සල් පල්ලි කෝවිල් යන්නයි හදන්නේ තිබෙන විනයේ හොද කම නිසාය) ඒ වගේම කැමතිනම් යන්න නැතිනම් නිවසේ ඉන්න වගේ විහිලු කතා ද තේරුමක් නැතිය මොකද වැඩ කරන ආයතන අපේ නොවේය. මගේ අදහසනම් ඇදිරි නීතිය අවදානම් වැඩි පෙදෙස් වල තව සතියක් හෝ දෙකක් මේ ආකාරයෙන්ම පැවතිය ...
Search This Blog
ඩිමෝගේ සිතුවිලි
